27 April 2024
#දේශීය

ලංකාවේ කොරෝනා ආසාධිතවූ පුද්ගලයාගේ පවුලම නිරෝධායනයට !

මෙරටදී කොරෝනා වෛරසය ආසාධනය වී IDH රෝහලේ නේවාසිකව තබා ප්‍රතිකාර කරන අයගේ පවුලේ පිරිස නිරෝධායනය සඳහා භාජනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ ඔවුන් පදිංචිව සිටි නිවස තුළම තබා ගෙන වන අතර ඒ අනුව දින 14ක් නිවසින් බැහැරවීමට ඔවුන් කිසිවෙකුට අවස්ථාව නොලැබෙන බවත් වාර්තා වෙයි.
ඔවුන් පදිංචිව සිට ඇත්තේ කොළඹ ප්‍රදේශයේ බවත් මේ වන විට මාධ්‍ය වාර්තා කර ඇත.
ඉතාලි සංචාරකයන් පිරිසක් සමඟ සංචාරක මඟ පෙන්වීමේ කටයුතු සිදුකල කොරෝනා ආසාධිත පුද්ගලයා එම කණ්ඩායම සමඟ ආගිය ස්ථාන සියල්ල සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන ඇති බවත් එම ස්ථාන ආශ්‍රිතව විශේෂ නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *