27 April 2024
#දේශීය

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවේ

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ අනුමතිය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 04 වනදා රැස්වූ අධිකරණ කටයුතු පිළිබද කාරක සභාවේදී හිමිවිය.

කාරක සභාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු පිණිස 19 වන සංශෝධනයට එහා ගිය වඩාත් ප්‍රගතිශීලී සංශෝධනයන් සිදුකර ඇති බවයි.

නව ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් මහබැංකු අධිපතිවරයා පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය ලබා ගත යුතු බවත් මෙම සංශෝධනය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නොතිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද, 19 වැනි සංශෝධනය යටතේ විධායක ජනාධිපතිවරයාට ආරක්‍ෂක, මහවැලි සහ පරිසර යන විෂය පථයන් දැරීමේ බලය හිමිවී තිබුණද විසි දෙවැනි සංශෝධනය යටතේ එය ආරක්ෂක අමාත්‍යාංශයට පමණක් සීමා කර ඇති බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (06) පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ද 7 වැනි දින පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා ද විවාදයට ලැනීමට නියමිතය.

කමිටු සාමාජිකයින් වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, ජයන්ත සමරවීර, . සාරතී දුෂ්මන්ත, මොහොමඩ් මුසම්මිල්, එම්.ඒ. සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කෝකිලා ගුණවර්ධන, ප්‍රේම්නාත් සී. දොලවත්ත, . නිමල් පියතිස්ස, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, සහන් ප්‍රදීප් විතාන, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, ලලිත් වර්ණ කුමාර යන මහත්ම මහත්මීහූ ඇතුළු නිලධාරීහු මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

 

 

 

22 Amendment Bill to the Constitution approved for the Second Reading at the Ministerial Consultative Committee on Justice.

The Twenty Second Amendment Bill to the Constitution was approved for its Second Reading yesterday (04) at the Ministerial Consultative Committee on Justice, Prison Affairs and Constitutional Reforms chaired by its Chair and the Minister of Justice, Prison Affairs and Constitutional Reforms, Hon. (Dr.) Wijeyadasa Rajapakshe.

Briefing those present in terms of the changes intended by the Amendment, the Hon. Minister stated that Amendments have been made under the Twenty Second Amendment to the Constitution going beyond what was included in the Nineteenth Amendment to ensure democracy.

Accordingly, a salient feature is that under Article 41C the President shall appoint the Governor of the Central Bank of Sri Lanka subjected to the approval of the Constitutional Council. This was not incorporated in the Nineteenth Amendment, the Hon. Minister stated.

Furthermore, under the Nineteenth Amendment, the power for an Executive President to hold Defence, Mahaweli and Environment portfolios has been limited to Defence under the Twenty Second Amendment.

The 22nd Constitution Amendment Bill set to be taken into debate tomorrow, the 6th from 10.30 am to 5.00 pm. and the 7th from 9.30 am to 5.00 pm.

Committee Members, Deputy Chairperson of Committees Hon. Angajan RamanathanHon, State Ministers Sisira Jayakody and Hon. Diana Gamage, and Hon Members of Parliament Hon. Thalatha Athukorala, Hon. Dilan Perera, Hon. Chandima Weerakkody, Hon. Jayantha Samaraweera, Hon. Sarathi Dushmantha, Hon. Mohomad Muzammil, Hon. M. A. Sumanthiran, Hon. Charles Nirmalanathan, Hon. (Dr.) Upul Galappaththi, Hon. Kokila Gunawardena, Hon. Premnath C. Dolawatte, Hon. Nimal Piyathissa, Hon. Gunathilaka Rajapaksha, Hon. Upul Mahendra Rajapaksha, Hon. M. Rameshwaran, Hon. Sahan Pradeep Withana, Hon. Weerasumana Weerasinghe, Hon. Gevindu Cumaratunga, Hon. Lalith Varna Kumara and Officials were present at the Committee meeting held.

Leave a comment

Your email address will not be published. Required fields are marked *