27 April 2024
#දේශීය

ගජමුතු විකිණිමට පැමිණි අයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් ගජමුතු එකක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයකු අද (06) සැකපිට මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

මාතලේ යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු බුද්ධී තොරතුරක් අනුව සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

මෙම සැකකරු විසින් නිලධාරින් සමග සතියක් තිස්සේ මිල ගණනන් සාකාච්ඡා කරමින් සිට ඇති බවත් විකිණීම සදහා එකගතාවයට පැමිණ ගජමුතුද රැගෙන ආ අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
සැකකරු අගුණුකොළපැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය වෙතද ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මත මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ ස්ථානාධීපති පො.ප ඩබ්.එන් වල්පොල ,උ.පො.ප චාමින්ද,පො.සැ 21423 නලින්ද,පො.සැ 21636 ප්‍රියන්ත,පො.කො 73181 ලයනල්,පො.කො 74224 බණ්ඩාර,‍පො.කො 77615 විරරත්න,පො.කො 83301 උදේශ්,පො.සැ රි.1007 බෝපෙගෙදර යන නිලධාරින්මෙම වැටලිම සිදු කළහ,

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *