27 April 2024
#දේශීය

කොවිඩ් අවදානමට තිබූ සූදානම වත්මන් අර්බුදයට මුහුණ දීමට උපකාර වුණා – සෞඛ්‍ය ඇමැති

ගෝලීය කොවිඩ් ව්‍යසනය ආරම්භයත් සමඟ එහි අවදානම සදහා ඇති වූ සූදානම වත්මන් අර්බුදයට මුහුණදීම සඳහා වඩාත් වැදගත් වූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 04 වනදා වසර 04 ක සේවා කාලයෙන් පසු මෙරටින් නික්ම යන ප්‍රංශ තානාපති එරික් ලැවැතෘ (Eric Lavertu) නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වු අවස්ථාවේදිය.

මේ අනුව වත්මන දැඩි අභියෝගාත්මක වුවද ඒ සඳහා මුහුණ දීමට ඉහළ චිත්ත ධෛර්යයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලොව පුරා සිටින සියලු මිතුරු රටවල් හැකි උපරිමයෙන් කොවිඩ් ව්‍යසනයේදී සහයෝගය ලබාදුන් බවත් වත්මන් අභියෝගයන් ජය ගැනීම සඳහා ද එම රටවල් ප්‍රශස්ත සහයෝගයක් ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසිය.

රටක් ලෙස ශ්‍රී ලංකාවට නැගී සිටීමට චිත්ත ධෛර්යද අත්‍යවශ්‍ය මානුෂීය ආධාරද සපයමින් ඔවුන් එම සහයෝගය ලබාදුන් බවත් එනිසා එම මිත්‍රශීලී රටවල්හි සහයෝගය අන් කවරදාටත් වඩා අතිශය වැදගත් බවත් රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

විශේෂයෙන් රුසියානු යුක්රේන යුදමය තත්ත්වය පැවතිය ද යුරෝපානු රටවල් රැසක සහයෝගය හිමි වූයේ යැයි ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමාත්‍යාංශයේ ජනක චන්ද්‍රගුප්ත ,සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධිකාරක (කොවිඩ් සහ ඖෂධ ප්‍රදාන කටයුතු හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුද සහභාගි වී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *