ලබන 27 වන දින සිට රජයේ සියලු පාසල් 11,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කෙරෙන අතර පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
සෙසු ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වන දින සිට පාසල් ආරම්භ කිරීමට නියමිතය.
එසේම එළැඹෙන මහ මැතිවරණ කටයුතු සදහා යොදාගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28 සිට 31 වැනි දා දක්වා පාසලේ රැඳී සිටිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධව විදුහල්පතිවරුන් ට දැනුම්දීමක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කර ඇති අතර අදාළ විදුහල්පතිවරුන් එම කාලය තුළ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් පාසල් තුළ මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසත් එහිදී දන්වා ඇත.