27 April 2024
#දේශීය

ETI තැම්පත්කරුවන්ගේ මුදල් සියළු මහජන බැංකු ශාකා හරහා ගෙවන්න – අගමැති

දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ රුපියල් ලක්ෂ හය (600,000/=) බැගින් වූ තැන්පත් මුදල් ගෙවීම දිවයිනේ සියලු මහජන බැංකු ශාඛා හරහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල වෙත උපදෙස් ලබා දී ඇත. 

මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

ඊට අනූව දළ වශයෙන් 146,000ක් පමණ වූ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් සඳහා දැනට තැන්පත් ආපසු ගෙවීම සිදු කරනු ලබයි. 

මීට අමතරව ඊ.ටී. අයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 38,000කට සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් පොදු සමාගමේ ගනුදෙනුකරුවන් 9,000කට ද තැන්පත් මුදල් ගෙවීම ජූලි මස 25 වැනි සෙනසුරාදා සිට දිවයිනේ සියලු ම මහජන බැංකු ශාඛා මගින් සිදු කිරීම ආරම්භ කෙරේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *