27 April 2024
#දේශීය

PCR පරීක්ෂණ 150,000 ක් කල බව ඇමැතිනි පවිත්‍රා කියයි

කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන PCR පරික්ෂණ 150,000 (එක්ලක්ෂ පනස්දහසක්) අද දිනය වන විට සිදු කර අවසන් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය අද දින (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොවිඩ් – 19 රෝගය රට තුල පැතිරීම වැළැක්වීම හා පාලනය සදහා රජයක් විදිහට සියළු පියවර ගෙන තිබෙන බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රෝගීන් ආශ්‍රිතව PCR පරික්ෂණ 8,200 ක් පමණ මේ වනවිට සිදු කර තිබෙන අතර කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව තිබෙන පොකුර තුලින් වෛරසය සමාජගතවීම වැළැක්වීම සදහා සම්පූර්ණයෙන්ම රජයක් විදිහට අවශ්‍ය පියවර ගෙන, වෛරසය සමාජය තුල පැතිරීම සම්පූර්ණයෙන් ම පාලනයට ගැනීමට හැකි වූ බව ඇය වැඩිදුරත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *