• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට

13 July 2023
in දේශීය

පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය විසින් ඊයේ  (12) භාර දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබිණි.

අදාළ ඖෂධ අතර කුඩා දරුවන්ගේ සමෙ රෝග ,ආතරයිටිස් රෝග හා පිළිකා සඳහා වන ඖෂධ වර්ග 16 ක් පමණ ඇතුළත් වේ. ඇමරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් වන මෙය ඇමරිකානු ජාත්‍යන්තර සංවිධානයක් වන Direct Relief ආයතනය හරහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් Medical Help International ආයතනයේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙනු ලැබීය.

Medical Help International ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන අධ්‍යක්ෂ පැඩී දිසානායක මහත්මිය හා එම ආයතනයේ ශ්‍රී ලංකා ව්‍යාපෘති නියෝජිත දිලිනි ද සිල්වා මහත්මිය මෙම පරිත්‍යාග සිදු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ සෑම රටක්ම මෙම අර්බුදකාරි අවස්ථාවේ තම උපරිම ත්‍යාගශීලීත්වය මනාව ඔප්පු කරමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ආධාර උපකාර ප්‍රමාණයක් ලබාදුන් බවයි. ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවය නැංවීම, සෞඛ්‍ය තොරතුරු පද්ධති වැඩි දියුණු කිරීම ආදී ක්ෂේත්‍ර මෙන්ම පිළිකා රෝගයෙන් පීඩාවට පත්ව සිටින රෝගී දරුවන්ට තම දෙමාපියන් හා එක්ව සිටීමට පහසුකම් සහිත වාට්ටු ඒකකද විවිධ සංවිධාන වල සහ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර මත ඉදිකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉදිරියටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව අනෙකුත් අංශ කෙරෙහිද අවශ්‍ය ආධාර උපකාර ඇමෙරිකානු රජය විසින් ලබා දීමට නොපැකිළව ඉදිරිපත් වන බව ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ චං (Julie J.Chung) මහත්මිය මෙහිදී පැවසුවාය. එමෙන්ම සංචාරක කර්මාන්තය තවදුරටත් නගා සිටුවමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත් යහපත් අතට ගත හැකි බවද ඒ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.

Post Views: 34
Previous Post

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙම මස සිට – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Next Post

ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප‍්‍රනාන්දු පත් කෙරේ

editor

editor

Next Post

ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප‍්‍රනාන්දු පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved