• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 61 ක තාක්‍ෂණික උපකරණ පරිත්‍යාගයක්

12 August 2021
in දේශීය

ඇණහිටි සෞඛ්‍ය පුහුණුවීම් ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමය එක්ව රුපියල් මිලියන 61 ක තාක්‍ෂණික උපකරණ පරිත්‍යාගයක් ලැබුණ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සියළුම වෘත්තිකයින්හට වෘත්තීය පුහුණුව ලබාදෙනු ලබන්නේ හෙද විදුහල් හා පුහුණු ආයතන සහ පළාත් මට්ටමින් පවත්වාගෙන යන පුහුණු ආයතන මගිනි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම ආයතනවලින් ලබාදෙන පුහුණුවීම් තාවකාලිකව නවතා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු විය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ලද ඉල්ලීමකට අනුව ආචාර්යවරුන්ට සහ අභ්‍යාසලාභීන්ට පුහුණුවීම් මාර්ගගත ක්‍රමවේදයට ඔස්සේ නැවත ආරම්භ කිරීමට අවශ්‍ය තාක්‍ෂණික යෙදවුම් හා උපකරණ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමය විසින් අද දින (12) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එම උපකරණ නිල වශයෙන් පරිත්‍යාග කිරිම යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති E. Mr Chaib මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය Alaka Singh යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙම මුළු ව්‍යාපෘතිය සඳහා වැය කෙරුණූ මුදල රුපියල් මිලියන 61 කි.

එම උපකරණ අතර Smart Screens 48 ක්, Laptops 104 ක්, Desktops 66 ක්, High definition Cameras 33 ක්, webinar platforms and units 52 ක්, dual monitors 12 ක් ඇතුලු තාක්ෂණික උපකරණ රැසක් වේ. මෙම ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ ලැබීමත් සමග පුහුණු මධ්‍යස්ථාන 43 ක වෘත්තීන්ට අදාල ආචාර්යවරුන් සහ අභ්‍යාසලාභීන් 12,000 කට වැඩි පිරිසකට මාර්ගගත ඉගෙනුම් ක්‍රමවේදයේ ප්‍රතිලාභ ලැබෙනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී මෙම පරිත්‍යාගය ලබාදීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ යුරෝපා සංගමය වෙත සිය ස්තූතිය පුද කළ අතර, මීට පෙර ද මෙරට කොවිඩ් මර්දන හා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට වෛද්‍ය උපකරණ ඇතුලු සහාය ලබාදීම ද ඇගයීමට ලක් කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා, යුරෝපා සංවිධානයේ මෙරට ව්‍යාපෘති නිලධාරිනී නිරෝෂනී පෙරේරා මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට මහජන සෞඛ්‍ය පරිපාලක වෛද්‍ය Olivia Nievera මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

Post Views: 46
Previous Post

ඕනෑම අභියෝගයකට සුදානම් – ඇමැති ප්‍රසන්න

Next Post

ජනපති තීන්දු ගන්නේ කාගේ උපදෙස් අනුවද – ජවිපෙට ප්‍රශ්ණයක්

editor

editor

Next Post

ජනපති තීන්දු ගන්නේ කාගේ උපදෙස් අනුවද - ජවිපෙට ප්‍රශ්ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved