27 April 2024
#ව්‍යාපාර

දිවා ඉඩමේ වාසනාව 8 වන තරඟයේ ජයග්‍රහකයින් තිදෙනාට ඉඩම් පිරිනමයි

පාරිභෝගික සිහින සෑබෑ කරන “දිවා ඉඩමේ වාසනාව”8 වන තරඟයෙන් ජය ලැබු තිදෙනෙකුට ඉඩම් හිමි කර දීම පසුගියදා කොළඹ දී සිදු කෙරිණි. එහිදී පලමු ජයග්‍රාහිකාව වන්නේ අනුරාධපුරයේ සුචිත්‍රා සෙව්වන්දි මහත්මියයි. දෙවන ජයග්‍රාහකයා වන්නේ පන්නිපිටියේ ඩබ්ලිව්.ජේ.ප්‍රනාන්දු මහතා යි.

තෙවන ජයග්‍රාහිකාව වන්නේනේ බොරැල්ලේ එච්.ඒ.කේ.චමිලා කුමාරි මහත්මියයි.

වසර 08 ක කාලය තුලදී දීවා “ඉඩමේ වාසනාව ” තරඟය මගීන් ඉතාමත් වටිනා ඉඩම් කැබලි 28 ක් මේ වන විට වාසනාවන්ත ජයග්‍රාහකයින් වෙත ප්‍රදානය කර ඇති බව හේමාස් මැනුෆැක්චරිං සමාගමේ අලෙවිකරණ අංශයේ සාමාන්‍යාධිකාරී, ඩෙරික් ඇන්තනී මහතා පවසයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර දිනයේ පටන් මේ දක්වා මුදල් ත්‍යාග 590 කට වැඩි ප්‍රමාණයක්, රන්කාසී 54 ක් සහ යතුරු පැදි, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ මහන මැෂින් ඇතුළු ඉතාමත් වටිනා ත්‍යාග රැසක් ද පාරිභෝගිකයින් වෙත දීවා ආයතනය විසින් ලබා දී තිබෙන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *