27 April 2024
#දේශීය

පත්වීම දුන් ගමන් වැඩ භාර ගත් ඇමැති වසන්ත

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අභිනවයෙන් පත් කරනු ලැබූ වසන්ත සේනානායක මහතා අද (29) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යාංශයට පැමිණි රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා පිළි ගනු ලැබිණි. සිය ධුරයේ වැඩ භාරගැනීමට පෙර, රාජ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඒ මහතාගේ කාර්යාලයේදී හමු විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *