27 April 2024
#දේශීය

පොදු සමාකාලයදී ත්‍රිවිධ හමුදා නිලධාරින් 8000 වැඩි ප්‍රමාණයක් යළි සේවයට

72 වන ජාතික නිදහස් දිනය නිමිතෙන් ආරක්ෂක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර තිබු පොදු සමාකාලය තුළ යළි සේවයට නොපැමිණි සිටි නිලධාරින් 13 ක් සහ සෙසු නිලදාරින් 8005 දෙනෙකු සේවයට වාර්තා කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරින් 07 සහ සෙසු නිලධාරින් 6091 ක් ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන් 773 ක් ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 06 ක් සහ සෙසු නිළයින් 1141 ක් යළි සේවයට වාර්තා කල බවයි.

එසේම මෙම කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ළගම ඥාතීන් ඔවුන් නැවත සේවයට වාර්තා කිරීම සඳහා දිරිමත් කිරීම පිළිබඳ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහකතා ඇතුළු ත්‍රිවිධ හමුදාවම සිය ස්තුතිය පල කර සිටි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *