27 April 2024
#දේශීය

මෙරටට ගෙන ආ කිලෝ 998 කහ තොගයක් අත්අඩංගුවට

කල්පිටි, ඒත්තාලේ ප්‍ර දේශයේදී තීරු බදු රහිතව ආනයනය කල බවට සැක සහිත කහකැබිලි තොගයක් ලොරි රථයකින් ඊයේ (25) දින ප්‍රවාහනය කිරීමේදී පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රියදුරු රථය දමා පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකා නිලධාරින් අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 998 කහ තොගය කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇති තිබේ.

මෙම කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වා ඇති බවට පොලිසිය සැක පල කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *