සංඥා භාෂාව යනු විශ්ව භාෂාවක් බවත්, එය ප්‍රගුණ කිරීම අනෙකුත් ශබ්ද භාෂාවන්ට වඩා පහසු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය. අද (30) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති රාජ්‍ය සේවකයන් සඳහා වන සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් මෙහිදී සහතිකපත් පිරිනමන ලදී.
ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතන මගින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන අතර, 2026 වසරේදී මෙය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. ආබාධ සහිත පුද්ගලයන්ට සමානව සලකන අන්තර්කරණය වූ සමාජයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රම ආරච්චි මහත්මිය ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














