ලොව පුරා කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඩ්‍රෝන (Drones) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වුවද, දැඩි නීති රීති හේතුවෙන් යුරෝපය එම නවෝත්පාදනයන්ගෙන් පසුගාමී වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ජපානය සහ චීනය කෘෂිකාර්මික ඩ්‍රෝන නිෂ්පාදනයේ පෙරමුණ ගෙන සිටින අතර, යුරෝපා සමාගම් ද සැලකිය යුතු වෙළඳපල කොටසක් හිමි කරගෙන සිටියද ඒවා ප්‍රායෝගිකව භාවිත කිරීමට යුරෝපා සංගමයේ පවතින නීතිමය රාමුව බාධාවක් වී තිබේ.
යුරෝපයේ ඩ්‍රෝන භාවිතය පාලනය කරනු ලබන්නේ යුරෝපා සංගම් ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) මඟින් වන අතර, එහිදී කෘෂිකාර්මික කටයුතු “විශේෂිත” (Specific) ගණයට ඇතුළත් කර ඇත. ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ ඩ්‍රෝන මඟින් කෘෂි රසායන ද්‍රව්‍ය ඉසීම පිළිබඳව පවතින තහනමයි. 2009 වසරේ පැනවූ රෙගුලාසියකට අනුව (Directive 2009/128/EC1) කෘෂි රසායන ද්‍රව්‍ය ගුවනින් ඉසීම යුරෝපා සංගමය තුළ තහනම් කර ඇති අතර, එමඟින් ඩ්‍රෝන තාක්ෂණය හරහා කෘෂිකර්මාන්තයට ලබාගත හැකි සහාය සීමා වී ඇත.
මෙම නීතිමය බාධා ඉවත් නොකළහොත් යුරෝපීය ගොවීන්ට නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත්, එමඟින් ගෝලීය කෘෂිකාර්මික තරඟකාරීත්වයෙන් යුරෝපය තවදුරටත් ඈත් වනු ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.














