එමිරේට්ස් ජාත්‍යන්තර විසිපන්දෙක (ILT20) පස්වන වාරයේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා වනිඳු හසරංග, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් කෙටි ලැයිස්තුගත කර තිබේ. ඔක්තෝබර් 01 වැනිදා ඩුබායිහිදී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා රටවල් 23කින් ක්‍රීඩකයින් 400කට අධික පිරිසක් ඇතුළත් වී සිටිති.
මෙහිදී වනිඳු හසරංග සහ දසුන් ශානක ඇමරිකානු ඩොලර් 80,000ක මූලික මිල යටතේද, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා ඩොලර් 40,000ක කාණ්ඩය යටතේද නම් කර ඇත. කණ්ඩායම් හනක් සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 1.3ක මුදලක් වෙන් කර ඇති අතර, තරගාවලිය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 20 දක්වා අබුඩාබි, ඩුබායි සහ සාජා හිදී පැවැත්වීමට නියමිතය.
















