ඉන්දියානු රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීමට අද (29) මුල්ගල් තබා තිබෙනවා.
නායයෑමේ අධි අවදානම් කලාපයක වසර 13කට වැඩි කාලයක් අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ පවුල් 51ක් සඳහා මෙම නිවාස ඉදිකිරීමට නියමිතයි.
මලයගම් ප්‍රජාවට සුරක්ෂිත, ගුණාත්මක සහ ගෞරවනීය නිවාස පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව සඳහන්.
එක් නිවාස ඒකකයක් සඳහා ඉන්දියානු රජය රුපියල් ලක්ෂ 28ක මුදලක් ලබාදෙන අතර, අමතර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 4ක මුදලක් වෙන් කර තිබෙනවා.
ඒ අනුව එක් නිවාස ඒකකයක සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 32ක් වන අතර, නිවාස 51 සඳහාම සුරක්ෂිත නව නිවාස පරිසරයක් ලබාදීමට නියමිතයි.
















