මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ පාසල් කාලය අවසන් වන අවස්ථාවේදී ඇතැම් යතුරුපැදිකරුවන් අනතුරුදායක ලෙස ධාවනය කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
පාසල අවසන් වන පස්වරු 1.30ට පමණ දරුවන් විශාල පිරිසක් මාර්ගය දෙපස රැඳී සිටින අතර, එම අවස්ථාවේදී ඇතැම් තරුණයින් අධික වේගයෙන් සහ නොසැලකිලිමත් ලෙස යතුරුපැදි ධාවනය කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අංක තහඩු නොමැති යතුරුපැදි භාවිත කිරීම, හිස්වැසුම් නොපැළඳීම සහ අධික ශබ්ද නිකුත් කරමින් ධාවනය කිරීම වැනි ක්‍රියාද සිදුවන බවට ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.
මෙම තත්ත්වය දිගු කාලයක සිට පවතින බව පවසන ප්‍රදේශවාසීන්, පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස මිනුවන්ගොඩ පොලිසියෙන් සහ රථවාහන අංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අහිංසක පාසල් දරුවෙකුට අනතුරක් සිදුවීමට පෙර නීති විරෝධී සහ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.















