ගෝලීය වශයෙන් ව්‍යාප්තව සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට අභිමානයක් එක් කරමින්, 25 හැවිරිදි තරුණියක වන අතිතියා ආනන්දරාජා (Athithiya Anantharajah) ප්‍රංශයේ පොන්ටෝල් කොම්බෝල්ට් (Pontault-Combault) නගරයේ නියෝජ්‍ය නගරාධිපතිවරිය ලෙස පත් කර තිබේ.
මෙම ඓතිහාසික පත්වීමත් සමඟ ඇය එම නගරයේ මෙවැනි ඉහළ තනතුරකට පත් වූ ලාබාලතම මෙන්ම ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තැනැත්තිය බවට පත්වෙයි. ඇයගේ මෙම ජයග්‍රහණය විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික තරුණ පරපුරට විශාල ආදර්ශයක් සහ දිරිගැන්වීමක් සපයයි.














