අද (අප්‍රේල් 1) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ඉහළම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම කාලය තුළ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 8.1 වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි.
පවතින වියළි කාලගුණික තත්ත්වය මධ්‍යයේ වුවද ප්‍රදේශ කිහිපයකට වැසි පතිත වී ඇති අතර, වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 39 කෑගල්ල දිස්ත්‍රික්කයේ කළුපහන වතුයාය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මීට අමතරව රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයට මිලිමීටර 30ක් ද, කුකුළේගඟ ප්‍රදේශයට මිලිමීටර 26ක් ද, කටුනායක ප්‍රදේශයට මිලිමීටර 17.3ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි දිනවලදීත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.














