සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා අදාළ ස්ථානයට බීමත්ව පැමිණි බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම නිලධාරියා අදාළ විමර්ශන ස්ථානයට බීමත්ව පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුව සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුව මොහු රාජකාරි පැහැර හැරීම සහ පොලිස් විනය සංග්‍රහය උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසෙන පරිදි සහ මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කරන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විනය පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.














