ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සේවාවක් වන කටාර් එයාර්වේස් (Qatar Airways) සමාගම සිය සංශෝධිත නවතම ගුවන් ගමන් කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2026 මැයි මස මැද භාගය වන විට ලොව පුරා ගමනාන්ත 120කට අධික සංඛ්‍යාවක් දක්වා සිය ගුවන් ගමන් සේවා ස්ථාවරව ව්‍යාප්ත කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. දෝහා (Doha) නුවරින් ආරම්භ වන සහ එතැනින් අවසන් වන සියලුම ගුවන් ගමන් කටාර් සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ එක්ව පිහිටුවා ඇති විශේෂ ගුවන් ගමන් පථ ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ගුවන් සමාගම තහවුරු කර තිබේ. කෙසේ වෙතත් මෙහෙයුම් සහ රෙගුලාසිමය වෙනස්කම් මත මෙම කාලසටහන් වෙනස් වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බවත්, මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් නම්‍යශීලී වෙන්කිරීම් (Flexible booking options) ඇතුළු බාධාවකින් තොර සේවාවක් සැපයීමට තමන් කැපවී සිටින බවත් එම සමාගම අවධාරණය කරයි.
නව කාලසටහනට අනුව ගුවන් ගමන් තහවුරු කර ඇති මගීන් වෙත නව ගුවන් ගමන් තොරතුරු කටාර් එයාර්වේස් ආයතනය විසින් සෘජුවම ලබා දෙනු ඇත. තොරතුරු නිවැරදිව ලබා ගැනීම සඳහා සියලුම මගීන් කටාර් එයාර්වේස් වෙබ් අඩවිය හෝ ජංගම යෙදුම (App) හරහා තමන්ගේ සම්බන්ධ කරගත හැකි තොරතුරු යාවත්කාලීන කර තබා ගත යුතුය. එසේම වලංගු සහ තහවුරු කරන ලද ගුවන් ටිකට්පතක් නොමැතිව කිසිදු මගියෙකු ගුවන් තොටුපළ වෙත නොපැමිණෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.
තවද 2026 පෙබරවාරි 28 සිට ජූනි 15 දක්වා කාලය තුළ ගුවන් ගමන් වෙන්කරගෙන ඇති මගීන් සඳහා විශේෂ සහනයන් කිහිපයක්ම ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2026 ඔක්තෝබර් 31 දක්වා වන ඕනෑම දිනකට අමතර ගාස්තුවකින් තොරව සිය ගුවන් ගමන් දිනයන් වෙනස් කරගැනීමට මගීන්ට අවස්ථාව සලසා දී තිබේ. මෙය ගුවන් යානාවල පවතින ඉඩකඩ සහ අදාළ කාලවල පවතින ගාස්තු අනුව සිදුවන බවද සඳහන් වේ. එසේත් නොමැති නම් තමන් භාවිත නොකළ ගුවන් ටිකට්පත සඳහා ගෙවූ මුදල සම්පූර්ණයෙන් ආපසු ලබා ගැනීමට (Refund) ඉල්ලුම් කළ හැකි අතර මෙම මුදල් ආපසු ලබා දීමේ ක්‍රියාවලිය සඳහා වැඩ කරන දින 28ක් දක්වා කාලයක් ගත විය හැක. ඔබලට නව ගුවන් ගමන් කාලසටහන බැලීමට සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ Rebooking Options පිටුව වෙත පිවිසිය හැක.














