ලොව සුපිරිම විස්සයි20 ක්‍රිකට් සැණකෙළියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (අප්‍රේල් 1) රාත්‍රී 7.30ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් (Lucknow Super Giants) කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායම එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙනවා. තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ලක්නව් නුවර පිහිටි ඒකනා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.














