ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් (NATO) ඇමෙරිකාව ඉවත් කර ගැනීමට සූදානම් වන බව අද (01) වාර්තා විය. බ්‍රිතාන්‍යයේ ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ (Daily Telegraph) පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ නේටෝ සංවිධානයට අයත් අනෙකුත් රටවල් ඇමෙරිකාවට අවශ්‍ය සහාය ලබා නොදීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත. නේටෝ සංවිධානය “වැඩකට නැති කඩදාසි කොටියෙකු” ලෙස හඳුන්වා ඇති ජනපති ට්‍රම්ප්, ඇමෙරිකාව තවදුරටත් එහි රැඳී සිටීමේ පලක් නොමැති බව අවධාරණය කර තිබේ. මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කැලඹීමක් ඇති කර ඇති අතර, යුරෝපීය රටවල ආරක්ෂාව පිළිබඳව ද නව ගැටලු මතු කර ඇත.
විශේෂයෙන්ම ඉරාන යුද්ධයෙන් සති කිහිපයකින් ඉවත් වන බවට ඔහු මීට පෙර කළ ප්‍රකාශයත් සමඟ, නේටෝවෙන් ඉවත් වීමේ මෙම තීරණය ලෝක බල දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. හෙට දිනයේදී ඔහු සිදු කිරීමට නියමිත විශේෂ ප්‍රකාශයේදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














