විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන ප්‍රේෂණ (Workers’ Remittances) 2026 වසරේ මුල් මාස දෙක ඇතුළත කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙම වසරේ පළමු මාස දෙක තුළ පමණක් මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,480.1 කි.
මෙය පසුගිය 2025 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 1,121.1 ක මුදලට සාපේක්ෂව සියයට 32 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමකි.
එසේම 2026 පෙබරවාරි මාසය තුළදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 729 ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති අතර, එය 2025 වසරේ පෙබරවාරි මාසයේ ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 548.1 ක අගයට සාපේක්ෂව සියයට 33 ක ඉහළ යාමකි. පසුගිය මාස කිහිපය පුරාම විදේශ ප්‍රේෂණවල දක්නට ලැබුණු මෙම ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වා ගැනීමට හැකිවීම මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයට විශාල ශක්තියක් වී තිබේ.














