• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

3 April 2026
in දේශීය, පුවත්
IMF නියෝජිත පිරිසක්  පාර්ලිමේන්තුවේදී කථානායක  සහ පක්ෂ නායකයන් හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පස්වන සහ සයවන සමාලෝචන ක්‍රියාවලියට සමගාමීව, එහි නියෝජ්‍ය අංශ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා (Evan Papageorgiou) ඇතුළු ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයන් පිරිසක් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡා කිහිපයකට එක්ව තිබෙනවා.
මෙහිදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සමඟ පැවති සාකච්ඡාවේදී, මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව කථානායකවරයා සිය ස්තුතිය පළ කර සිටියා. තවද, වත්මන් දසවන පාර්ලිමේන්තුවේ පවතින සුවිශේෂී බහුතර බලය සහ සියලු පාර්ශව නියෝජනය වන පරිදි පවතින ව්‍යුහාත්මක ශක්තිය ගැන පෙන්වා දුන් ඒ මහතා, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන වැඩසටහන් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැපවී සිටින බව අවධාරණය කළා. රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය, දූෂණ විරෝධී පියවර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධාරිතාව වර්ධනය කිරීම වෙනුවෙන් ස්ථාපිත කිරීමට යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන මධ්‍යස්ථානයට IMF සහාය ලබාගත හැකි ආකාරය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.
ශ්‍රී ලංකාව මේ වන විට පෙන්වන ශක්තිමත් ආර්ථික දියුණුව මෙහිදී ඇගයීමට ලක් කළ එවන් පැපජෝර්ජියෝ මහතා, නීති සම්පාදනයේදී සහ ප්‍රතිපත්ති නිරීක්ෂණයේදී පාර්ලිමේන්තුව සතු වගකීම අතිශය තීරණාත්මක බව පෙන්වා දුන්නා. මීට අමතරව, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් මෙරට ආර්ථිකයට සිදු කරන බලපෑම සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී දෙපාර්ශවය දීර්ඝව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
අනතුරුව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී රවී කරුණානායක, දිලිත් ජයවීර, ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් දක්වමින්, ගාස්තු ඉහළ දැමීම, උද්ධමනය පාලනය සහ බාහිරින් එල්ල වන ආර්ථික පීඩනයන් හමුවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය රැකගැනීම සඳහා සිදුකළ යුතු තිරසාර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය පිළිබඳව පෙන්වා දුන්නා. නිල සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්ව තිබෙනවා.
Post Views: 2
Previous Post

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

Next Post

ලෝක සාම පියවර ශ්‍රී ලංකාවෙන් ඇරඹෙයි ඇමෙරිකාව දක්වා යන බෞද්ධ සංස්කෘතික සබඳතාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක සාම පියවර ශ්‍රී ලංකාවෙන් ඇරඹෙයි ඇමෙරිකාව දක්වා යන බෞද්ධ  සංස්කෘතික සබඳතාවක්

ලෝක සාම පියවර ශ්‍රී ලංකාවෙන් ඇරඹෙයි ඇමෙරිකාව දක්වා යන බෞද්ධ සංස්කෘතික සබඳතාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උදෑසනින්ම අවසන් වූ  GMOA වර්ජනය

උදෑසනින්ම අවසන් වූ GMOA වර්ජනය

3 April 2026
දකුණු සුඩානයේ ප්‍රධාන සැපයුම් මාර්ගයක්  යළි විවෘත කිරීමට  ඉන්දීය සාම සාධක හමුදාව දැක්වූ දායකත්වය  එක්සත් ජාතීන්ගේ ඇගයීමට

දකුණු සුඩානයේ ප්‍රධාන සැපයුම් මාර්ගයක් යළි විවෘත කිරීමට ඉන්දීය සාම සාධක හමුදාව දැක්වූ දායකත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට

3 April 2026
පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ  මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින්  පස් දෙනෙකු ජීවිතක්ෂයට

පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

3 April 2026
නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල  තුළින් අනාගතයේදී අත්වෙන වාසි

නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළින් අනාගතයේදී අත්වෙන වාසි

3 April 2026

Recent News

ඩුබායිහි හින්දු කෝවිල සහ සීක් ගුරුද්වාරය නැවත දැනුම් දෙනතුරු වසා තබයි

ඩුබායිහි හින්දු කෝවිල සහ සීක් ගුරුද්වාරය නැවත දැනුම් දෙනතුරු වසා තබයි

3 April 2026
ප්‍රබල අකුණු පිළිබඳව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

3 April 2026
XDC ජාලය සහ  Kraken හුවමාරුව එක්ව USDC ගනුදෙනු ගාස්තු  වාර්තාගත ලෙස පහත හෙළයි

XDC ජාලය සහ Kraken හුවමාරුව එක්ව USDC ගනුදෙනු ගාස්තු වාර්තාගත ලෙස පහත හෙළයි

3 April 2026
වියට්නාමයේ අපනයන ආදායම  2026 වසරේ පළමු කාර්තුව තුළ  17% කින් ඉහළ යයි

වියට්නාමයේ අපනයන ආදායම 2026 වසරේ පළමු කාර්තුව තුළ 17% කින් ඉහළ යයි

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

XDC ජාලය සහ  Kraken හුවමාරුව එක්ව USDC ගනුදෙනු ගාස්තු  වාර්තාගත ලෙස පහත හෙළයි

XDC ජාලය සහ Kraken හුවමාරුව එක්ව USDC ගනුදෙනු ගාස්තු වාර්තාගත ලෙස පහත හෙළයි

3 April 2026
වියට්නාමයේ අපනයන ආදායම  2026 වසරේ පළමු කාර්තුව තුළ  17% කින් ඉහළ යයි

වියට්නාමයේ අපනයන ආදායම 2026 වසරේ පළමු කාර්තුව තුළ 17% කින් ඉහළ යයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved