• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක සාම පියවර ශ්‍රී ලංකාවෙන් ඇරඹෙයි ඇමෙරිකාව දක්වා යන බෞද්ධ සංස්කෘතික සබඳතාවක්

3 April 2026
in පුවත්, විදෙස්
ලෝක සාම පියවර ශ්‍රී ලංකාවෙන් ඇරඹෙයි ඇමෙරිකාව දක්වා යන බෞද්ධ  සංස්කෘතික සබඳතාවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වී ජාත්‍යන්තර වශයෙන් පුළුල් පිළිගැනීමක් ලැබූ “Walk for Peace” හෙවත් ලෝක සාම පියවර වැඩසටහන එළඹෙන අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අතිපූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නය දොළොස් නමකගෙන් සමන්විත දූත පිරිසකගේ මෙහෙයවීමෙන් මෙම සාම චාරිකාව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” (මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, සුව පිණිස, ලොවට අනුකම්පාවෙන් චාරිකාවේ හැසිරෙන්න) යන බුදු වදන තේමා කරගනිමින් මුළුමනින්ම සමාජය තුළ සාමය සහ මෙත් සිත පැතිරවීම මෙහි මූලික අරමුණ වී තිබෙනවා.
මෙම සුවිශේෂී වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026 අප්‍රේල් 21 වනදා ඓතිහාසික අනුරාධපුර පුදබිමේදී පැවැත්වීමට නියමිතයි. එදින සවස 4.00 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි ශාඛාවක් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙන අතර, සවස 5.00 ට ඓතිහාසික රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී විශේෂ ආගමික වතාවත් සිදු කෙරෙනවා. ඉන් අනතුරුව මෙම සාම පියවර චාරිකාව ඓතිහාසික දඹුලු රජමහා විහාරයෙන් ආරම්භ වී මහනුවර දෙසට ගමන් කිරීමට නියමිතයි. මහනුවරට ළඟා වන මහා සංඝරත්නය මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දලදා මාලිගාව වැඳපුදා ගැනීමටද සැලසුම් කර තිබෙනවා.
මෙම මුළු ගමන පුරාවටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි ශාඛාව සමඟින් නිලගිරි චේතිය, හඟුරන්කෙත මඩන්වල රජමහා විහාරය, මහියංගණ රජමහා විහාරය සහ හුනුපිටිය ගංගාරාමය යන පුණ්‍ය භූමිවලින් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලාද පෙරහරකින් වැඩම කරවීමට නියමිතයි. දින හතක මෙම සාම චාරිකාව අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් අවසන් වන අතර, පසුව එම පූජනීය ධාතූන් වහන්සේලා සහ බෝධි ශාඛාව පෙරහරකින් හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනු ඇත.
මෙම දැවැන්ත පුණ්‍යකර්මයේ ශ්‍රී ලාංකීය සම්බන්ධීකරණ කටයුතු පූජ්‍ය මෙල්පිටියේ විමලකීර්ති ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන අතර, රජයේ “පිරිසිදු ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන මෙහි ප්‍රධාන රාජ්‍ය සහකරු ලෙස කටයුතු කරනවා. මීට අමතරව ජාතික සැලසුම් මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් මේ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනවා.
මෙම වැඩසටහන නිමාවෙමින් අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන අතර, අප්‍රේල් 28 සහ 29 යන දිනවලදී ගංගාරාම පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක්ද ජාතික සැලසුම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබෙනවා. එහිදී පිත්තල නිර්මාණ, ලාක්ෂා නිර්මාණ, මැටි කර්මාන්ත, තල් කොළ ආශ්‍රිත නිර්මාණ මෙන්ම දුම්බර රටා රෙදි පිළි සහ සාම්ප්‍රදායික සිතුවම් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මෙම සියලු සංස්කෘතික වැඩසටහන්වල අවසන් ප්‍රධානතම අරමුණ වන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉදිවන, ත්‍රිපිටකය භාෂා 10 කින් ලියා තැන්පත් කෙරෙන ස්තූප 840 කින් සමන්විත බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය වෙනුවෙන් ශ්‍රී ලාංකීය බෞද්ධ සහ සංස්කෘතික උරුමයන් දායක කිරීමයි.
Post Views: 8
Previous Post

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

Next Post

කියුබාව සිරකරුවන් 2,010කට නිදහස ලබා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කියුබාව සිරකරුවන් 2,010කට  නිදහස ලබා දෙයි

කියුබාව සිරකරුවන් 2,010කට නිදහස ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම  ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම  සංරක්ෂණයට රජයෙන් පියවර

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම සංරක්ෂණයට රජයෙන් පියවර

14 May 2026
අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

14 May 2026
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

14 May 2026
මගීන් 1,200ක් රැගත්  බ්‍රිතාන්‍ය නෞකාවක්  රෝගී තත්ත්වයක් හේතුවෙන්  ප්‍රංශ මුහුදේ සිරවෙයි

මගීන් 1,200ක් රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රංශ මුහුදේ සිරවෙයි

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා ඇතුළු සිව්දෙනෙක් හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved