ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුද ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සමස්ත ලෝකයම දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින බවත්, මේ නිසා ලෝක ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක්වෙමින් පවතින බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කරන්නේ මැදපෙරදිග කලාපය තුළ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් තමන්ට හැකි උපරිම අයුරින් දායකත්වය ලබා දීමට සූදානම් බවයි.
රුසියානු ජනාධිපතිවරයා මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් මෙම අදහස් දැක්වීම සිදු කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එරට ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයකින් අනතුරුව වීම විශේෂත්වයක්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ, ඇමරිකාව සහ ඉරානය අතර පවතින මෙම බරපතල අර්බුදය සමතයකට පත් කරමින් සාමය උදා කිරීම වෙනුවෙන් සෘජුවම මැදිහත් වීමට වුවද තමන් සූදානමින් සිටින බවයි.














