යුක්රේනයේ දකුණු දිග නිකොපොල් (Nikopol) නගරයේ පිහිටි කාර්යබහුල වෙළඳපොළකට සෙනසුරාදා උදෑසන එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන රජයේ නීතිපති කාර්යාලය පවසයි තුවාල ලැබූවන් අතර 14 හැවිරිදි දැරියක ද සිටින අතර ප්‍රහාරය හේතුවෙන් වෙළඳසැල් රැසකට දැඩි හානි සිදුව තිබේ රුසියානු හමුදා විසින් වාඩිලාගෙන සිටින ප්‍රදේශයට නුදුරින් පිහිටි මෙම නගරයට එල්ල වූ ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සලකා පරීක්ෂණ පවත්වන බව යුක්රේනය පවසයි
මේ අතර යුක්රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ දකුණු දිග ටගන්රොග් (Taganrog) නගරයේ එක් අයෙකු මියගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීහු ප්‍රකාශ කරති රුසියාව පවසන්නේ යුක්රේන ඩ්‍රෝන යානා 85 ක් පමණ වෙඩි තබා බිම හෙලීමට තමන් සමත් වූ බවයි කෙසේ වෙතත් යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ රුසියානු හමුදා කර්මාන්තශාලා දෙකක් ඉලක්ක කර ගනිමින් තමන් සාර්ථක ප්‍රහාර එල්ල කළ බවත් එමඟින් රුසියාවේ නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත්ය
රුසියාව විසින් යුක්රේනයට එරෙහිව එක් රාත්‍රියක් තුළ ඩ්‍රෝන යානා 300 කට ආසන්න ප්‍රමාණයක් දියත් කර ඇති අතර ඉන් යුක්රේනයේ කාර්කිව් (Kharkiv) සහ සුමි (Sumy) ප්‍රදේශවලට ද හානි සිදුව ඇති බව වාර්තා වේ දෙපාර්ශවයම එකිනෙකාගේ වැදගත් මධ්‍යස්ථාන සහ ජනාවාස ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම නිසා පවතින ගැටුම් තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ යුක්රේනයේ නිකොපොල් වැනි නගරවල ජනතාව මේ වන විටත් ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි















