ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවල සුළඟ නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා යා හැකි අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 20 සිට 30 දක්වා පමණ වන බවයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවැනි අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී ඇත්තේ.














