හංගේරියාවට රුසියානු ගෑස් රැගෙන එන ප්‍රධාන නල පද්ධතියක් අසල පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ එරට අගමැති වික්ටර් ඕර්බන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ හංගේරියානු දේශසීමාවට ආසන්න සර්බියානු කලාපයකදී පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් සහිත බෑග් දෙකක් හමුවී ඇති අතර සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් විසින් මේ පිළිබඳව හංගේරියානු නායකයා දැනුවත් කර ඇත මෙම සිදුවීම වාර්තා වන්නේ ලබන ඉරිදා හංගේරියාවේ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීය
හංගේරියානු විපක්ෂ නායක පීටර් මාග්යර් චෝදනා කරන්නේ මෙය මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රුසියානු උපදේශකයන්ගේ සහාය ඇතිව අගමැතිවරයා විසින්ම සැලසුම් කරන ලද රංගනයක් බවයි යුක්රේනයට චෝදනා එල්ල කිරීම සඳහා මෙවැනි ප්‍රහාරයක් ව්‍යාජ ලෙස නිර්මාණය කළ හැකි බවට ආරක්ෂක අංශ මීට පෙර අනතුරු අඟවා තිබුණි අගමැති ඕර්බන් පවසන්නේ බ්‍රසල්ස් සහ බර්ලින් ඇතුළු පාර්ශව යුක්රේනය සමඟ එක්ව හංගේරියාවට ලැබෙන ලාභදායී රුසියානු ඉන්ධන නතර කිරීමට කුමන්ත්‍රණය කරන බවයි
යුක්රේනය මෙම සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඇති අතර මෙය හංගේරියානු මැතිවරණයට බලපෑම් කිරීම සඳහා රුසියාව විසින් මෙහෙයවන ලද ක්‍රියාවක් විය හැකි බව ද සඳහන් කරයි හංගේරියාව වාර්ෂිකව රුසියාවෙන් ගෑස් කියුබික් මීටර් බිලියන පහත් අටත් අතර ප්‍රමාණයක් ලබා ගන්නා මෙම නල පද්ධතියට හානි සිදුවුවහොත් රටේ බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල වනු ඇත සර්බියානු බලධාරීන් පරීක්ෂණ පවත්වන අතර එහි ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ














