මගී ප්‍රවාහනය කරන වාහන සෑම මාස තුනකට වරක්ම යෝග්‍යතා සහතිකයක් ලබා ගත යුතු බවට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ. මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ නුසුදුසු වාහන මාර්ගයට පිවිසීම වැළැක්වීම සඳහා මෙම දැඩි නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පෙන්වා දී ඇත.
මෙහිදී දැඩි අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ “My Car, My Petrol කියලා හිතාගෙන තමන්ට හිතුණු හිතුණු විදිහට නීති කඩන්න ඕන නම්, ඒවා තමන්ගේ ගෙදර මිදුලේ ඉඳන් කරගන්න” යනුවෙනි. මගී ජීවිත අවදානමට ලක් කරන කිසිදු තත්ත්වයක් ඉදිරියේදී ඉඩ නොදෙන බවත්, මීට අදාළ නීතිමය හා නියාමන කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.













