විදේශ කටයුතු සහ විදේශ රැස්වීම් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සැප්තැම්බර් 20 සිට 23 දක්වා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. කම්කරු හා විදේශ රැස්වීම් සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා – කටාර් ඒකාබද්ධ කමිටු රැස්වීමට සහභාගී වීම සඳහා මෙම සංචාරය සිදු කරන අතර, වසර පහකට අධික කාලයකට පසු මෙම ඒකාබද්ධ කමිටුව රැස්වීම විශේෂත්වයකි. මීට පෙර අවසන් වරට දෙපාර්ශ්වය අතර මුහුණට මුහුණ හමුවීමක් සිදුව ඇත්තේ 2019 දෙසැම්බර් මාසයේදී කොළඹදීය.
මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා කටාර් කම්කරු අමාත්‍යාංශයේ යට ලේකම් ෂෙයිඛා නජ්වා බින්ට් අබ්දුල්රහ්මාන් අල් තානි මෙනවිය හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. එසේම, කටාර්හි වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව මුණගැසී ඔවුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීමටද නියමිත අතර, මෙමඟින් ශ්‍රී ලංකා ශ්‍රමිකයන් සඳහා නව රැකියා අවස්ථා පුළුල් කර ගැනීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා පවසා තිබේ.














