කොත් පැළඳවීමේ පිංකමකට සහ ඉන්දීය සංචාරයකට සහභාගී වීම සඳහා සැකකරුවකු වන නාමල් රාජපක්ෂ මහතාට සුදුසු කොන්දේසියක් මත ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ. මහනුවර දළදා පෙරහැරට පමණක් දෙවැනි වන හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැරේ සැප්තැම්බර් 26 වැනිදා රාත්‍රී 7.42 ට කොත තැන්පත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් විසින් මෙම සැකකරුට ආරාධනා කර ඇති බව නීතිඥවරයා අධිකරණයේදී පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටියහොත් එම කටයුත්තට සහභාගී වීමට නොහැකි වන බවත්, එසේ වුවහොත් එම ආරාධනාව කළ ස්වාමීන් වහන්සේට කරන අගෞරවයක් වන බවත් ඔහු සඳහන් කර තිබේ. එසේම, සැකකරුට ඉන්දීය රජයෙන් ඉන්දීය සංචාරයක් සඳහාද ආරාධනාවක් ලැබී ඇති බවත්, ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසා එම සංචාරයද අවලංගු කිරීමට සිදුවන බව පෙන්වා දෙමින්, මෙම කරුණු විශේෂ කරුණු ලෙස සලකා සුදුසු කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














