සිඩ්නි නුවර කැම්පර්ඩවුන් (Camperdown) ප්‍රදේශයේ රෝහලක් තුළදී 63 හැවිරිදි පුද්ගලයෙකුට මිටියකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාව මත 46 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අද (අප්‍රේල් 09) අලුයම 12:15ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, පහරදීමට ලක්වූ පුද්ගලයා සහ කාන්තාව එකිනෙකා හඳුනන අය බව පොලිසිය පවසයි.
පහරදීම හේතුවෙන් හිසට බරපතල තුවාල සිදුව ඇති එම පුද්ගලයා මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් කාන්තාව නිව්ටවුන් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇයට එරෙහිව බරපතල තුවාල සිදු කිරීමේ චෝදනා ගොනු කර ඇත. ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති ඇය අද දිනයේදී අධිකරණය හමුවට පමුණුවීමට නියමිතය.














