තඹුත්තේගම, මල්වානේගම ප්‍රදේශයේදී ඊයේ (08) උදෑසන 23 හැවිරිදි තරුණයෙකු විසින් සිය 82 හැවිරිදි මිත්තණියට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
තඹුත්තේගම පොලීසිය විසින් සැකකාර මුණුපුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙම ඛේදජනක සිදුවීම ප්‍රදේශවාසීන් අතර මහත් කම්පනයක් ඇති කර තිබේ.














