මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල 20%ත් 35%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාම හේතුවෙන්, දැනට පවතින ඉන්ධන සහ විදුලි මිල සූත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තහවුරු කළේ පවතින ගෝලීය අර්බුදය හමුවේ වත්මන් මිල පාලන ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි.
මෙම නව මිල සූත්‍රය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දැනුවත් කිරීමට ද රජය සැලසුම් කර ඇත. අඩු ආදායම්ලාභී කණ්ඩායම්වලට සිදුවන බලපෑම අවම වන පරිදි මෙම නව ක්‍රමවේදය සකස් කරන බව රජය පවසන අතර, සාමාන්‍ය ජනතාව පවසන්නේ මෙය ජීවන වියදම තවදුරටත් ඉහළ යාමට හේතු වනු ඇති බවයි.














