සිංගප්පූරුවේ රෝහලක සාර්ථක ශල්‍යකර්මයකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේගුණවර්ධන මහතා තහවුරු කළේ ශල්‍යකර්මයෙන් පසු ඔහු දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවූ බවයි.
දැනට පවතින දේශපාලන වාතාවරණය සහ එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය මධ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයට ලක්ව තිබේ. ඔහු සිය සුවදුක් විමසීමට පැමිණෙන හිතවතුන් සහ පාක්ෂිකයන් හමුවීමට ද නියමිතව ඇත.














