සුපිරි නළු රයන් ගොස්ලින් (Ryan Gosling) රංගනයෙන් දායක වන අලුත්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය වන ‘Project Hail Mary’ හි ඔහු ඇඳ සිටින නරි රූප සහිත ස්වීටරය (Fox Cardigan) මේ වන විට ලොව පුරා දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබේ. 1950 දශකයේ මෝස්තරයක් පදනම් කරගෙන අතින් ගොතන ලද මෙම ඇඳුම, චිත්‍රපටය තිරගත වීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වී ඇත.
ෆිල් ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය, ඇන්ඩි වෙයර්ගේ සුප්‍රසිද්ධ නවකතාවක් ඇසුරින් නිර්මාණය කර තිබේ. මෙහි ගොස්ලින් විසින් ලෝකය බේරා ගැනීමේ මෙහෙයුමකට අභ්‍යවකාශයට යවන විද්‍යාඥයෙකුගේ චරිතයක් නිරූපණය කරයි. චිත්‍රපටයේ ඇති අලංකාර දර්ශන සහ හාස්‍යජනක සිදුවීම් අතර, රයන් ගොස්ලින්ගේ මෙම සුවිශේෂී ඇඳුම් විලාසිතාව ප්‍රේක්ෂකයන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගත් අංගයක් බවට පත්ව ඇත.
බොහෝ දෙනා මෙම ස්වීටරය ‘Elphaba’ ගේ ප්‍රසිද්ධ කාඩිගනයට පසුව සිනමා ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වූ ඇඳුම ලෙස හඳුන්වති. මේ වන විට බොහෝ දෙනා මෙවැනි විලාසිතාවේ ඇඳුම් මිලදී ගැනීමට පෙළඹී ඇති අතර, එය විලාසිතා ලෝකයේ නව රැල්ලක් නිර්මාණය කිරීමට ද සමත් වී තිබේ.














