බලපත්‍ර නොමැති විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත කටුවන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විපක්ෂ නායකවරයා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිද්දෙණිය, මැල්ලකැටිගොඩ ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි වියේ පසුවන්නෙකි.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙණිය පොලීසියට භාරදී ඇති අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














