මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමයේ ගිණුමක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 300ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත එම සංගමයේ හිටපු සභාපති චමින්ද ගුණසේකර මහතා අත්අඩංගුවට ගෙන අද (අප්‍රේල් 10) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ග්‍රාමීය බැංකු සංගමයට අයත් රුපියල් මිලියන 300ක දැවැන්ත මුදල් අවභාවිතයක් සිදුව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකාර හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය පියවර පිළිබඳව මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග නිකුත් කිරීමට නියමිතය.














