ඊශ්‍රායලය සහ ඉරානය අතර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට පෙර අත්‍යවශ්‍ය මූලික කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් අද (අප්‍රේල් 10) ප්‍රකාශ කළේය. ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන දූත පිරිස හමුවීමට පාකිස්ථානය බලා පිටත්ව ගිය පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.
පළමුව, ලෙබනනය තුළ ක්‍රියාත්මක වන යුධමය ගැටුම් වහාම නවත්වා ස්ථිර සටන් විරාමයක් ස්ථාපිත කළ යුතුය. දෙවනුව, ජාත්‍යන්තර බැංකු පද්ධතිය තුළ දැනට අත්හිටුවා (Blocked) ඇති ඉරානයට අයත් වත්කම්, සාකච්ඡා ආරම්භ කිරීමට පෙර නිදහස් කළ යුතු බව කථානායකවරයා අවධාරණය කළේය.
මෙම කොන්දේසි ඉටු නොකර සාකච්ඡා මේසයට පැමිණීමට ඉරානය සූදානම් නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ. කලාපීය සාමය උදෙසා ඇමරිකාව මැදිහත් වීමට සූදානම් වුවද, ඉරානය මෙලෙස දැඩි කොන්දේසි පැනවීම සාකච්ඡාවල සාර්ථකත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.













