බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් දියත් කළ “සුරකිමු ලංකා” පාසල් බලශක්ති සුරක්ෂිතතා ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර අද (අප්‍රේල් 10) කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී සාර්ථකව පවත්වනු ලැබීය.
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ජයන්ත කරුණාජීව මහතා විසින් වැඩසටහනේ මූලික අරමුණු පැහැදිලි කළ අතර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලදී. වර්තමානයේ පවතින ගෝලීය සහ දේශීය බලශක්ති අභියෝග හමුවේ පාසල් මට්ටමින් බලශක්ති සංරක්ෂණය සඳහා දායක විය හැකි ආකාරය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙහිදී සිදු විය.














