කළුතර – බණ්ඩාරගම මාර්ගයේදී සිදු වූ මාරක රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, එහිදී පසුපැදිකරු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වාද්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. මොරොන්තුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














