ලබන සතියේ කියර්ගිස්තානයේදී (Kyrgyzstan) පැවැත්වීමට නියමිත ෂැංහායි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වෙන බව රුසියාවේ ඉරාන තානාපති කාසෙම් ජලාලි තහවුරු කරයි.
අමෙරිකානු සම්බාධක සහ දැඩි ආර්ථික බලපෑම් හමුවේ ඉරානය මුළුමනින්ම හුදකලා වීම වැළැක්වීම සඳහාත්, දෙරට අතර ආරක්ෂක සහ තෙල් වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහාත් මෙම හමුව අතිශය තීරණාත්මක වනු ඇත. විශේෂයෙන්ම අමෙරිකානු CIA අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් (John Ratcliffe) හදිසියේම මොස්කව් නුවර වෙත ගොස් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුදිනම, ඉරාන සහ රුසියානු නායකයින්ගේ මෙම හමුව පිළිබඳ නිවේදනය නිකුත් වීම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්















