ටිබෙටයේ සිට ගලා එන භෝතේ කෝෂි (Bhote Koshi) සහ ත්‍රිශුලී (Trishuli) ගංගාවල ජල මට්ටම ඉහළ යාමෙන් හටගෙන ඇති හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන්, නේපාලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.
විශේෂයෙන්ම රසුවා (Rasuwa), නුවාකොට් (Nuwakot), ධාඩිං (Dhading), ගෝර්කා (Gorkha) සහ චිට්වාන් (Chitwan) යන අධි-අවදානම් දිස්ත්‍රික්කවල සිටින ශ්‍රී ලාංකිකයන්ට වැඩිදුර ආරක්ෂිත පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත. යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහයක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන්නේ නම්, කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකය (+9779851048653) හෝ විද්‍යුත් තැපෑල (Email) ඔස්සේ වහාම සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටී.
















