අද (14) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. අද පස්වරු 12.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වේ.
මෙම නිවේදනයට අනුව පහත සඳහන් ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී:
පළාත්: බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්.
දිස්ත්‍රික්ක: ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහනේ හෝ ගස් යට රැඳී නොසිටීමටත්, විද්‍යුත් උපකරණ භාවිතයේදී සැලකිලිමත් වීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














