අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව අධිවේගී මාර්ග වැඩි වශයෙන් භාවිත කිරීම හේතුවෙන් පසුගිය දින තුනක කාලය තුළ රුපියල් මිලියන 163කට අධික ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අප්‍රේල් 10, 11 සහ 12 යන දිනවලදී පමණක් වාහන 434,338ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවයි.
මෙම ආදායම් වාර්තාවලට අනුව අප්‍රේල් 12 වනදා පමණක් රුපියල් මිලියන 45කට අධික මුදලක් උපයා තිබේ. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අතරතුර යම් හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා 1969 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව පවතින බව ද මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන් වෙත මතක් කර දෙයි.














