ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (15) දිනය පුරා වලංගු වේ.
මෙම නිවේදනයට අනුව මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂිත ප්‍රදේශ මෙසේය:
පළාත්: උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්.
දිස්ත්‍රික්ක: මොනරාගල දිස්ත්‍රික්කය.
දැඩි උණුසුම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, එළිමහනේ රැඳී සිටින විට සෙවන ඇති ස්ථාන භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙයි. විශේෂයෙන් අවුරුදු උත්සව ආදියට සහභාගී වීමේදී සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වේ.














