ඇමෙරිකානු ආනයනකරුවන්ගෙන් අය කරගත් ඩොලර් බිලියන 166 ක මුදලක් ආපසු ගෙවීම සඳහා වන විශේෂ පද්ධතියක් ලබන සඳුදා (අප්‍රේල් 20) සිට ආරම්භ කිරීමට එක්සත් ජනපද පරිපාලනය තීරණය කර තිබේ මෙම ගෙවීම් සිදු කරනු ලබන්නේ මීට පෙර පනවා තිබූ ඇතැම් තීරු බදු නීති විරෝධී බවට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී ලබා දුන් තීන්දුවකට අනුවයි
නීති විරෝධී ලෙස අය කර ඇති බවට අධිකරණය තීන්දු කළ මෙම තීරු බදු ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ අදාළ ආයතන සහ පුද්ගලයන් වෙත මෙම දැවැන්ත මුදල් ප්‍රමාණය ආපසු ගෙවීමට නියමිතව ඇත මෙම පියවර හරහා ඇමෙරිකානු වෙළඳ ක්ෂේත්‍රය තුළ යම් ප්‍රබෝධයක් ඇති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරති














